Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එන්නතක් විස වී 23 හැවිරිදි එක්දරු මව මරුට

3 years ago

රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් එන්නතකින් පසුව ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බවට වාර්තා වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ විසිතුන් හැවිරිදි ජාඇල උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් බවයි වාර්තා වන්නේ.

උදරයේ ඇති වූ අබාධායක් සඳහා ප්‍රථිකාර ගැනීමට සඳහා අදාළ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.‍

රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බි.පොලොන්වල මහතා නිගමනය කර තිබෙන්නේ කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් විම නිසා එයට ප්‍රථිකාර වශයෙන් ලබාදුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.