Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! මතීෂ පතිරණ අද තරග බිමට!

3 years ago

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද (02) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවෙන් මතීෂ පතිරණ අද කණ්ඩායමට එක් කර තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 9ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා.