Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka vs zimbabwe match

ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ලෝක කුසලානයේ සිය ස්ථානය වෙන් කරගනී

3 years ago

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ 2 වන තරගය කඩුලු 9 ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ පන්දුවාර 32යි පන්දු 02ක් තුළ ලකුණු 165කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ දිල්ෂාන් මධුසංක සිම්බාබ්වේ ඉනිමේ මුල්පෙළ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඊට අමතරව මතීෂ පතිරණ කඩුලු 02ක් සහ නායක දසුන් ශානක එක් කඩුල්ලක් දවාගත්තා.

සිම්බාබ්වේ ඉනිම ස්ථාවර මට්ටමකට රැගෙන යාමට සටනක නිරත වූ ෂෝන් විලියම්ස් ජාත්‍යන්තර එක්දින දිවියේ 35 වන අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 56ක් පන්දු 57ක් තුළ රැස් කළා.

ඔහුට අනෙක් අන්තයෙන් සහයක් වූ ශිකන්ධර් රාසා ලකුණු 31ක් සිම්බාබ්වේ ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 166ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ අනුව ලකුණු 166 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

Pathum Nissanka නොදැවී ලකුණු 101,Dimuth Karunaratne ලකුණු 30ක් සහ Kusal Mendis නොදැවී ලකුණු 25 ලෙස රැස් කිරීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ 2023 එක් දින ලෝක කුසලානය සඳහා නිල වශයෙන් සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනවා.