තම මිතුරන් සමඟ ගංජා පානය කර මත් වී සිටි කළුතර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසු සිදු වී තිබෙනවා.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එක් පාසල් සිසුවෙකුගේ පියා විසින් නිවසේ වගා කළ ගංජා පැළ මඟින් ඔවුන් මෙලෙස ගංජා ලබාගෙන ඇති බවයි.
පසුව එම සිසුවාගේ නිවසේ සිදු කළ වැටලීමේදී නිවස පිටුපස බඳුන්වල වගා කර තිබූ ගංජා පැළ කිහිපයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.
