රංගන අවස්ථාව ලබාදෙන බව පවසමින් මුදල් ඉල්ලා තරුණියන් රැවටීමට ලක් කරන කණ්ඩායමක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
තලංගම පොලීසිය කියා සිටියේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම කණ්ඩායම තරුණියන්ගේ ජංගම දුරකථන ලබාගෙන ඔවුන්ට කෙටි පණිවිඩ යවා තිබෙන බවයි.
ඔවුන්ගේ බැංකු ගිණුම් අංක, ජංගම දුරකථන අංක ඔස්සේ මුලික පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණා.
මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිත බවයි තලංගම පොලීසිය තීරණය කර ඇත්තේ.

