අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහන රේගුව භාරයට දීම වෙනුවට රාජසන්තක කර පොලිසියේ සේවයට එක් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
මේ සඳහා අලුතින් පනතක් සකස් කරමින් පවතින බවත් පොලිස් නීති අංශය ඒ සඳහා සහායට ගෙන ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
වාහන කොටස් එකලස් කර නීතිවිරෝධී ආකාරයට මෙරටදී සකස් කර ඇති වාහන අත්අඩංගුවට ගත් පසු රජයේ රස පරීක්ෂක වෙත යොමුකරන අතර එහිදී එය නීතිවිරෝධී වාහනයක් බව ඔප්පු වුවහොත් රේගුව භාරයට පත් කරනු ලබයි. ඉන්පසුව එය රේගු භාරයේ දිරාපත් වීමට හැරීම මිස වෙනත් ප්‍රයෝජනයක් ගැනුණේ නැත.
මින් ඉදිරියට එසේ සිදුවීමට නොවී රාජසන්තක කර පසු පොලිසියේ හෝ ආරක්ෂක අංශවල භාවිතයට ලබාදීමට තීරණය කර ඇත.
මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යොමු කිරීමට පියවර ගෙන ඇත. නව පනත අනුව අධිකරණය මාර්ගයෙන් මෙම වාහන පොලිසියට භාරදීමට නියමිතය.

