Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතාලි සිසුවියක් ඝාතනය කර මළ සිරුර කසල බෑගයක් තුළ සැග වූ ලාංකික තරුණ‍යාට වැඩ වරදී

3 years ago

ඉතාලියේ පාසල් සිසුවියක් ඝාතනය කර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීම උත්සාහ කළ පාසල් සිසුවෙක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසල් සිසුවියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ එම වයසේම පසුවන ශ්‍රී ලාංකික සම්භයක් ඇති පාසල් සිසුවෙක් බවට වාර්තා වෙනවා.

කලක පටන් මෙම දෙපළ අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති අතර අදාළ සිසුවිය එම සම්බන්ධය නවත්වා තිබීම හේතුවෙන් ඇති වූ වේදනාව නිසා මෙම මරණය සිදු කරන්නට ඇතැයි දැනට සැක පළ කරන බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම සැකකාර සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලිය දී උපත ලැබූ ඔවුන්ගේ පවුලේ සිටි එක ම දරුවා බවයි.

ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහිඉ ඇනුම් පහරවල් හයක් පමණ දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.