Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කතරගම දේවාලයේ උණුසුම් තත්ත්වයක්! කපුවන් එක්ව බස්නායක නිලමෙට ගුටි පූජාවක් දෙන්න හදලා!

3 years ago

කතරගම දේවාලයේ කපු මහත්වරුන් සහ බස්නායක නිලමේවරයා අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් පිලිබඳ දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වේ.

පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇති අතර දේවාල භූමියේ ගිනි පෑගීමේ ස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුව වී තිබේ.

එහිදී පිරිසක් බස්නායක නිළමේවරයාට පහරදීමට උත්සාහ කරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙන අතර, සිද්ධිය සිදුවූ ස්ථානයේ විශාල පිරිසක් ද රැස්ව සිටින අයුරු එහි දැක්වේ.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් තත්ත්වය පාලනය කර ඇති බවයි වර්තා වෙන්නේ.