Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යළි ගුරු වර්ජනයක් ?

3 years ago

වැටුප් විෂමතා දිනාගැනීම සඳහා ඉදිරියේදී සමස්ත ගුරු පරපුරම පාරට බැසීමට සූදානම් කරවමින් සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ මේ වන විට ගුරුවරුන් දැනුවත් කිරීමේ සම්මේලන රටපුරා පවත්වමින් සිටින බවයි.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු දිගින් දිගටම මඟහරිමින් සිටින බවද හෙතෙම චෝදනා කළේය.

ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමට පෙර මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය ආරම්භ කරන බවත් ඒ හරහා අයවැය මගින් මෙම වැටුප් වැඩිකර ගැනීම සඳහා පියවර ගන්න ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.