Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල් අයිස්ක්‍රීම් වෙළෙඳපොළට

3 years ago

දේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස පොල් අයිස්ක්‍රීම් වෙළෙඳපොළ වෙත නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව පොල් පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි.

​මේ වනවිටත් දේශීය වෙළෙඳපොළ තුළ මෙන්ම විදෙස් වෙළෙඳපොළ තුළද විවිධ රසැති අතුරුපස වර්ග දක්නට ලැබෙන නමුත් තවමත් අයිස්ක්‍රීම් වැනි අතුරුපසක් ලෙස පොල් භාවිත කරනු දක්නට නොලැබේ.

නමුත් පොල් පර්‌යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්‌යේෂණයකින් අනතුරුව පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදන තාක්ෂණය හඳුනාගෙන ඇති අතර, එම ආයතනය හරහා නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ දැනුම ලබාගැනීමට හැකිවේ.

කාබනික පොල් වගාවෙන් ලබාගන්නා ඵලදාව උපයෝගි කරගනිමින් පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන අතර, එළකිරි හෝ වෙනත් පිටිකිරි වර්ග කිසිවක් භාවිත නොකර සියයට සීයක් පොල් ආශ්‍රිත සෞඛ්‍ය සම්පන්න අතුරුපසක් ලෙස මෙම නිෂ්පාදනය සිදුකළ හැකි බව පොල් පර්‌යේෂණ ආයතනය පෙන්වා දෙයි.