Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට සිහින දකින ඔබට සුබ පණිවිඩයක්

3 years ago

සේවක අර්ථ සාධක අරමුදල් හිමි සේවකයින්ගේ දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතුවලට සිය අරමුදලින් 30% ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ සඳහා අයදුම් කළ හැක්කේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට අපේක්ෂා කරන දරුවන් සිටින සාමාජිකයන්ට පමණි.

මීට අදාළව 2012 අංක 2 දරන සේවක අර්ථ සාධක (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ගෙන එන බවත් එම සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.

මේ වන විට සේවක අර්ථ සාධක අරමුදලින් 30%ක් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත්තේ නිවසක් ඉදිකිරීම, ඉඩමක් මිලදී ගැනීම ඇතුළු නිවාස කටයුතු සඳහා මෙන්ම වෛද්‍ය ප්‍රතිකාරද සඳහා පමණි.