ජුනි මාසයේ ICCයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.
එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICC ය විසින් එම මාසයේ දක්ෂතම ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි.
වනිඳු හසරංගට අමතරව මේ සඳහා නිර්දේශිත අනෙකුත් නාමයන් වන්නේ සිම්බාබ්වේ ක්‍රීඩක Sean Williams සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Travis Head ගේ නාමයනුයි.
ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් වනිඳු හසරංගගේ නාමය මෙලෙස නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී තිබේ.

