තද සුළං තත්ත්වය හේතුවෙන් මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රථයක් එහි රියදුරුට පාලනය කරගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසළ තිබූ කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ වලල්ලාවිට, වැල්මීගොඩ ප්‍රදේශයේදීය.
මෙම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
මේ අතර අධික වර්ෂාපතනය සහ දැඩි සුළං හේතුවෙන් මධ්‍යම කඳුකරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය අදින් පසුව පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

