Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ලක්ෂ 23ක් තම පද්ධතියෙන් ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

3 years ago

වසර පහක කාලයක් පුරා ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

එහි පළමු අදිරය යටතේ වසර පහක් තිස්සේ ආදායම් බලපත‍්‍ර ලබා ගෙන නැති වාහන පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.

එසේ බලපත‍්‍ර ලබාගෙන නොමැති වාහන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස සියලුම පළාත් සභාවලට දැනුම් දී තිබේ.

ඉදිරියේදී එම වාහන අසාදු ලේඛන ගත කර රට පුරා සිටින මෝටර් රථ ප්‍රවාහන පරීක්ෂකවරුන් මාර්ගයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

ඒවා තවදුරටත් භාවිතයේ නොමැතිනම් පද්ධතියෙන් ඉවත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

රට තුළ වූ වාහන ලක්ෂ අසූ තුනක් යාපදිංචි ඇතත් ඉන්ධන බලපත්‍රය ලබාගෙන ඇත්තේ වාහන ලක්ෂ 60කට පමණි.

ඒ අනුව වාහන ආසන්න වශයෙන් විසි තුන් ලක්ෂයක් පමණ භාවිතයේ නොමැති බව දෙපාර්තමේන්තුවේ අදහසයි.