බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට සමු ගැනීමට තීරණය කර තිබේ.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මාධ්‍ය හමුවකට එක් වූ තමීම් අතිශයින් හැඟීම්බර වූ අතර කඳුළු සලමින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.
ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරඟය පරාජයට පත් වී දිනකට පසුව තමිම් ඉක්බාල් මෙම තීරණය ගැනීම විශේෂ සිදුවීමකි.
34 හැවිරිදි තමීම් පසුගිය වසරේ T20 තරගවලින් සමු ගත් අතර ඔහුගේ අවසන් ටෙස්ට් තරගය අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව පැවැති තරගය වේ.

