අද (06) රාත්‍රියේ හෝ හෙට (07) උදෑසන පෘථිවියට බලපෑම් ඇතිකරන කුණාටුවක් පොළොවට ළඟා විය හැකි බව නාසා විද්‍යාඥයින් සදහන් කරයි.
එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි බවත් විදුලි ග්‍රීඩ් පද්ධතිවලට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකළ හැකි බවද නාසා විද්‍යාඥයින් සදහන් කරයි.
CMEs ආරෝපිත අංශු වලින් සැදුම්ලත් ප්ලාස්මා ටොන් බිලියනයක් තරම් අඩංගු විය හැකි අතර එමගින් ඒවායේ චුම්බක ක්ෂේත්‍ර රැගෙන යා හැකි බවද නාසා හි සූර්ය සහ හීලියෝස්ෆෙරික් නිරීක්ෂණාගාරය (SOHO) විසින් නිරීක්ෂණය කර ඇත.
CMEs තුළ ඇති ආරෝපිත අංශු පෘථිවියේ චුම්බක ගෝලයේ චුම්බක ක්ෂේත්‍රයට පහර දෙන විට ඒවා භූ චුම්භක කුණාටු ලෙස හඳුන්වන විශාල කැළඹීම් ඇති කළ හැකි බවද නාසා විද්‍යාඥයින් සදහන් කරයි.
මෙම මස ආරම්භයේ සිට මේ දක්වා සූර්යාගේ ප්‍රබල කුණාටු කිහිපයක් සිදුව ඇති බව නාසා හි සූර්ය සහ හීලියෝස්ෆෙරික් නිරීක්ෂණාගාරය (SOHO) විසින් සිදුකල නිරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

