Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිලියන ගණනක වත්කමක් හිමි ලොව ධනවත්ම යාචකයා

3 years ago

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයේ හිඟා කන අයුරු දැක බලා ගත හැකි බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.

ඉකෝනොමික් ටයිම්ස් සඟරාවට අනුව භාරත් ජේන් ලොව ධනවත්ම යාචකයා වේ.

ඔහු මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.

ඔහුගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක්(ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28 ක්) වන බවත් මාසික ආදායම ඉන්දීය රුපියල් 60000 ත් 75000 ත් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක්) අතර වන බවත්  ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.

එසේම භාරත් ජේන්ට ඉන්දියානු රුපියල් කෝටි 1.2 ක් මහල් නිවාසයක් ද , මසකට ඉන්දීය රුපියල් 30000 ක කුලියක් ගෙවනා ව්‍යාපාරික ස්ථාන දෙකක්ද  තිබෙන බව ඉකොනොමික් ටයිම්ස් සඟරාව පෙන්වා දී තිබේ.

ධනවත් පුද්ගලයෙකු වීමෙන් පසුවත් ජේන් හිඟා කෑම නවතා නොමැති බවත් ඔහු දිනකට පැය 10-12 අතර කාලයක් හිඟා කෑමෙන් ඉන්දීය රුපියල් 2000 ත් 2500 ත් අතර ප්‍රමාණයක් උපයන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.