Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

3 years ago

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහිෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක් බිඳ හෙලූ අතර දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහත් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් විය.

පන්දුවට පහර දීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty ලකුණු 87 ක් හා Johnson Charles ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා.

අනෙක් සියලුම බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ අසරණ විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූ පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 190ක සබඳතාවක් පිහිටිවමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් විය.

පන්දුවට පහර දීමේදී පැතුම් නිස්සංක ලකුණු 104 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 34 ලබා ගත්තා.