Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇස් පෙනීම දුර්වල නවතම හේතුවක් පිළිබඳව පර්යේෂණයකින් හෙළි වෙයි

3 years ago

දේශගුණික විපර්යාස ඇතිවීම අන්ධභාවයේ අනුපාතය වේගවත් කළ හැකි බව කැනේඩියානු පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කළ  පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 පුරාම මිලියන 1.7 ක ජනතාවක් අතර පෙනීමේ ගැටලු අනුපාතය සංසන්දනය කර තිබුණා.

උණුසුම් ප්‍රදේශවල ජීවත් වන අය සිසිල් ප්‍රදේශවල සිටින අයට වඩා බරපතල පෙනීමේ දුර්වලතාවයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව එම අධ්‍යයනයේදී හෙළි වී තිබෙනවා.

එම අගය සියයට 50කට ආසන්න වන බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ.