නවගමුව රක්ෂාපන පාර, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන පුජ්‍ය පල්ලේගම සුමන හිමියන්ට සහ කාන්තාවන් දෙදෙනෙකුට විහාරස්ථානය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය කියා සිටියේ පහරදී තුවාල සිදු කිරීම හා විහාරස්ථානයේ දේපලවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි.
තුවාල ලැබූ හිමියන් සහ කාන්තාවක් ප්‍රතිකාර සඳහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පහර කෑමට ලක්වූ වයස අවුරුදු 22ක අනෙක් කාන්තාව ද ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

