සෙල්ලම් කරමින් සිටියදී යකඩ කුරකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දස හැවිරිදි පිරිමි දරුවකු මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
එකම පවුලක ඥාතීන් වන මෙම දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී පහර දුන් යකඩ කූර නළල පසාරු කරගෙන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පිරිමි දරුවාට දමා ගැසූ බව කියන අවුරුදු 12ක වයසේ පසුවන පාසැල් සිසුවිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගමුව කටුවාපිටිය නුගවෙල පාරේ පදිංචි දස හැවිරිදි පාසල් සිසුවෙකි.
යකඩ කූර දරුවාගේ නළලේ වැදි බරපතල තුවාල සිදුවී තිබිණි යැයි ද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
සැකපිට අත්අඩංගුවට ගත් දොළොස් හැවිරිදි පාසල් සිසුවිය මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත ළමා නිවාසයක රඳවා තබා ඇතැයිද පොලීසිය පොලිසිය කීය.
මීගමුව කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
