රජය විසින් බදු ඉහළ නැංවීමත් සමඟ පසුගියද අතිවිශේෂ හෙවත් ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 320කින් ඉහළ නැංවීය.
ඒ අනුව දැනට අතිවිශේෂ අරක්කු බෝතලයක් වර්තමානයේදී අලෙවි කෙරෙන්නේ රු. 3200/- කටය.
නමුත් එහි සැබෑ නිෂ්පාදන වියදම රුපියල් 294ක් බවයි පැවසෙන්නේ.
ඉතිරි රුපියල් 2906 රජය විසින් අය කරනා බදු සහ අදාළ සමාගම් ලබන ලාභයයි.
දිගින් දිගටම සිදු වූ මත්පැන් මිල ඉහළ නැංවීම හේතුවෙන් අලෙවිය ද 40% කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වෙයි.

