Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ තර්ජනය හේතුවෙන් දිවි නසා ගැනීමට උත්සහ කළ බවට පේරාදෙණි සරසවි සිසුවාගෙන් පාපොච්චාරණයක්

3 years ago

ඊයේ (08) අළුයම පේරාදෙණිය විශ්විද්‍යාල නේවාසිකාගාරයේ විදුලි පංකාවක එල්ලී මිය යෑමට උත්සාහ කළේ කුමන හේතුවක් මතද යන්න එම සිසුවා මේවන විට පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් හෙළිකර තිබෙනවා.

එහිදී ඔහු පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 07 වනදා නවක වදය සිද්ධියක් සම්බන්ධව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා එහි නිලධාරීන් විසින් සිදුකළ දැඩි පහරදීමෙන් පසුව මෙලෙස සියදිවි හානි කරගැනීමට තීරණය කළ බවයි.

සිය ජංගම දුරකථන ද CID භාරයට ගෙන කළ පහරදීමෙන් පසුව සරසවි ශිෂ්‍යභාවය අහෝසි කර උසස් අධ්‍යාපන අවස්ථාව හමාර කරන තමාට දැන්වූ බවයි එම සිසුවා සඳහන් කර ඇත්තේ.

එවිට තාමාට ජීවිතය සම්බන්ධව වෙනත් විකල්පයක් ඉතිරි නොවූ බවද එම ශිෂ්‍යයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු විසින් පොලීසියට මෙම ප්‍රකාශය ලබාදී ඇත්තේ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් කණ්ඩායමක් පේරාදෙණිය රෝහල වෙත පැමිණ අදාළ කට උත්තරය සටහන් කරගන්නා අවස්ථාවේදීයි.

පසුගිය වසරේ දී නවක සිසුන් වෙත අසභ්‍ය වීඩියෝපට යවමින් වට්ස්ඇප් හරහා නවක වදයට ලක් කීරීම සම්බන්ධව විශ්විද්‍යාල පාලන අධිකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එලෙස නවක සිසුන්ට අසැබි දසුන් පෙන්වමින් නවකවදයට ලක් කිරීම සම්බන්ධයෙන් මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.