Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මවගේ උපදෙසට උරණ වූ 13 හැවිරිදි සිසුවිය සිය දිවි නසා ගනී

3 years ago

විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට අවසර ලබා නොදීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ 13 හැවිරිදි සිසුවියක් සියදිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ වේයන්ගල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් වන අතර ඇය අළුත්ගම, අටළුගම ප්‍රදේශයේ නෙවාසිකාගාරයක සිට එම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරයි.

නේවාසිකාගාරයේ සිට ඇය ⁣ඊයේ (07)  තම නිවසට පැමිණ තිබේ, නිවසට පැමිණි සිසුවිය එළඹෙන දිනක පැවැත්වීමට නියමිත මගුල් ගෙදරකට තමන්ද සහභාගිවීමට අවශ්‍ය බව තම මවට පවසා තිබේ.

එහිදී මව ඇයට උපදෙස් ලබාදී ඇත්තේ ඊට සිදුවියගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය නොවන බවත්, නේවාසිකගාරයට ගොස් පාසල් යෑමට සූදානම් වන ලෙසත්ය.

එදින රාත්‍රියේ නිවසේ නාන කාමරය වෙත ගිය දියණිය පැමිණීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බලා ඇති අතර එහිදී නිවැසියන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ ඇය සියදිවි හානි කරගෙන ඇති බවයි.