Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට කාන්තාවන්ගේ හා පිරිමින්ගේ ආයු අපේක්ෂාව ගැන නිකුත් වූ නවතම වාර්තාව මෙන්න

3 years ago

මෙරට පිරිමින්ගේ සහ කාන්තාවගේ ආයු අපේක්ෂාව පිළිබඳ නවතම වාර්තාවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

ජුලි 11 වැනිදා යෙදෙන ලෝක ජනගහන දිනයට සමඟාමීව නිකුත් කර ඇති වාර්තාවකයි මේ බව සඳහන්ව ඇත්තේ.

ඒ අනුව මෙරට කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව උපතේ සිට වයස අවුරුදු 80ක් වනු ඇති බව සඳහන්.

එම වාර්තාවේ පෙන්වා දෙන්නේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව උපතේ සිට වයස අවුරුදු 76ක් වන බවයි.

රටෙහි තරුණ ප්‍රජාව 60% – 70%ක පමණ ප්‍රමාණයක් රට හැර යාම හරහා තරුණ ප්‍රජාව රටට අහිමිවීම අනාගතයේ දී ගැටළුවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසනවා.