කැබිනට් අමාත්‍යවරුන් තවදුරටත් වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
දැනට කැබිනට් ඇමතිවරුන් 20 දෙනෙකු පත් කර සිටින අතර නව ඇමැති ධුර ලබා දීම පිළිබඳව විමසීමේ දී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ විවිධ පාර්ශව ගෙන යන ප්‍රචාරයක් මිස නව අමාත්‍ය වරුන් පත්කිරීමට තමන් කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.(lankacnews)

