වැටුප් වර්ධක දොළහක් ලබා ගැනීමේ ඉල්ලීමට නිශ්චිත ප්‍රතිචාරයක් ලැබෙන තෙක් නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතුවලින් ඉවත්ව සිටීමේ වර්ජනය අත්නොහැරීමට සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
සිය ඉල්ලීම් එකොළහ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.
එම ඉල්ලීම් ඉදිරිපත් කරමින් විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතුවලින්ද කථිකාචාර්යවරු ඉවත්ව සිටී.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමග අද (10 වැනිදා) සාකච්ඡාවක් පවත්වන බවද එම සංගමයේ ලේකම් ධම්මික මිරිහාන සඳහන් කළේය.
