අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන සිසුන් සඳහා වසර 4ක පාඨමාලවක් ක්‍රියාත්මක කරන බවත් ඉන් අනතුරුව එම සිසුන් උපාධියක් පිරිනමන බවයි ඒ මහතා පවසන්නේ.
මේ හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ එම විද්‍යාපීඨ තුළ ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවසර හිමි නොවන බවය.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

