Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩිෆෙන්ඩර් රථයෙන් කොළඹ හෙල්ලූ 19 හැවිරිදි සුරූපී තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට! පොලිස් මාර්ග බාධක 3කදී පොලිසියට වෙට්ටු දමලා!

3 years ago

කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදී නැවතීමට කළ පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් රථයක් පැදවූ සුරූපී තරුණියක් ඇතුළු තරුණියන් තිදෙනෙක් මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ ඩිපෙන්ඩර් රථය නැවතීමට ප්‍රථමයෙන්ම සංඥා කර ඇත්තේ මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසිනි. ඒ මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදීය. එහිදී ඊට අවනත නොවී මග හැර යාමට එය පැද වූ තරුණිය කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පිළිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ.

ඒ අනුව මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වන ලෙසට සංඥා කර ඇත.

එම අණද නොතකා ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

ඊට ද අවනත නොවී ඉදිරියට ධාවනය වූ ඩිපෙන්ඩර් රථය කැලෑ පොළ හන්දිය ආසන්නයේ සිටි රථවාහන අංශයේ නිලධාරීන් එය ද නැවතීමට සංඥා කිරීමෙහිදී ඊට අවනත නොවී එහි රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය රථය ඉදිරියට ධාවනය කිරීමේදී ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ට්‍රිපොලි ක්‍රීඩාංගණය අසලදී ඩිපෙන්ඩර් රථය නවතා ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී තරුණියන් පිරිස සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත් අනතුරුව සැකකාර තරුණියන් පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මරදාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවන් බවත් නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 වයස් සීමාවල තැනැත්තියන්ය.