ඊයේ (10) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාල සටහන් පළමුවරට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
ඒ, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදීයි.
මේ අනුව අදාළ බස්රථ කාලසටහන මෙන්ම සේවාව ද මෙම යෙදුම ඔස්සේ අද සිට 1315.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කරවාගැනීමේ හැකියාව පවතින බවත් වාර්තා වනවා.
දිවයිනම ආවරණය වන පරිදි බස්රථ 1,200 කට අධික ප්‍රමාණයක් සඳහා මෙලෙස ආසන වෙන් කිරීමේ හැකියාව ඇති බව සඳහන්.

