Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරු ඵල ලබා ගැනීමට දේවාලයේ පිහිට පැතූ තරුණිය සදහටම දෙනෙත් පියා ගනී

3 years ago

දරුඵල අපේක්ෂාවෙන් ශාන්තිකර්මයක් සිදුකරගැනීමට ගිය 22 හැවිරිදි තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ පුවතක් දියබෙදුම, ජඹුරේ වෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වසර 4ක කාලයක සිට දරුඵල බලාපොරොත්තු සිටි පොළොන්නරුව, ජඹුරේවෙල, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි දිල්මි සඳුනිකාට මෙම අවසනාවන්ත ඉරණම අත්ව තිබෙනවා.

නිරන්තරයෙන් ලබාගත් වෛද්‍ය උපදෙස් මෙන්ම විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබීම හේතුවෙන් ශන්තිකර්මයක් මාර්ගයෙන් හෝ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මේ වෙත යොමුව තිබෙනවා.

එම තීරණය අනුව යමින් ශාන්තිකර්ම මගින් ලෙඩ සුවපත් කිරීම සහ දරුඵල ලබාදෙන බවට පැවසෙන ගිරිතලේ, යාය 01 ප්‍රදේශයේ ඥාති කාන්තාවකගෙන් දිල්මි සිය මව සමඟ පැමිණ ඇයගෙන් ශාන්තිකර්මය සිදුකරගැනීමට දින නියම කරගෙන තිබෙනවා.

එහිදී එම කාන්තාව ඇයට උපදෙස් ලබා දී ඇත්තේ දින කිහිපයක් එහි නේවාසිකව ප්‍රතිකාර ගන්නා ලෙසටයි.

ප්‍රතිකාර අරඹා පළමු දිනයේ සිටම විවිධ කායික අපහසුතා දිල්මිට මතු ව තිබූ අතර තුන්වන දිනයේදී ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබේ.

ඒ අනුව පොළොන්නරුව ජයන්තිපුර ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වනවිටත් ඇය මෙලොවින් සමුගෙන තිබුණා.

ඇයගේ දේහය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතයි.