අද (11) අලුයම පාසල් එමින් සිටී දරුවන් පස් දෙනකු පසුපස හල්දුම්මුල්ල බත්ගොඩදී මීහරක් රංචුවක් පැන්නීමෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ, හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහ විද්‍යාලයේ සිසුන් පස් දෙනෙකි.
එම සිසුන් පස් දෙනා වයස අවුරුදු 10 සහ11 වයස්වල පසුවන අය බවයි පොලිසිය පවසන්නේ.
පුද්ගලයෙකු විසින් දක්කාගෙන ආ මීහරක් රංචුවක් කුලප්පු වී දරුවන් පසුපස පන්නා ඇති බවද පොලිසිය කියයි.
තුවාල ලැබූ දරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
