මේ මස 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ඇමරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දසුන් ශානක සිම්බාබ්වේ සිට ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
එම තරගාවලිය මෙම මස 13 වැනිදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා සීට්ල් ඔර්කාස්, ටෙක්සාස් සුපර් කිංග්ස්, ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස්, එම්. අයි. නිව්යෝර්ක්, සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිකෝර්න්ස් සහ වොෂින්ග්ටන් ෆ්‍රීඩම් යන කණ්ඩායම් 06 සහභාගි වීමට නියමිතය.
එහිදී දසුන් ශානක සීට්ල් ඔර්කාස් කණ්ඩායම නියෝජනය කරනු ඇත.
දසුන් නියෝජනය කරන එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන් වන ඇමරිකාවේ පදිංචි ශෙහාන් ජයසූරිය සහ ඇන්ජලෝ පෙරේරාද ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී.

