Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍ය කැළඹූ ඩයනාගේ හඬපටය

3 years ago

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ තමාට පුද්ගලයෙකු කෝපයෙන් බැන වදින ආකාරයේ හඬ පටය සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීම සම්බන්ධවයි.

ඇයගේ මාධ්‍ය ලේකම්වරයා පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක වෙත ලිපියක් යොමු මේ බව ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම හඬ පටය හේතුවෙන් රාජ්‍ය අමාත්‍යතුමියට අපකීර්තියක් වීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන එම වීඩියෝව ඉවත් කරන ලෙසයි එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

කිසියම් පුද්ගලයෙකු සැලසුම් ගත අයුරින් දිගින් දිගටම අමාත්‍යවරියට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ එවමින් කරදරකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වනවා.

එහිදී ඩයනා ගමගේ මහත්මියගේ ආරක්ෂක නිලධාරියෙක් එම පුද්ගලයාට කතා කර ඇති අතර එහිදී ආරක්ෂක නිලධාරියාටද මෙම පුද්ගලයා බැන වැදී තිබෙනවා.