ඉතාලියේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් සහ ඔහුගේ පුතා බවයි සඳහන් වන්නේ.
ඔවුන් දෙදෙනා පසුගියදා සිය ඥාතීන් පිරිසක් සමග ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නයේ පිහිටි ගංගාවක දිය නෑමට ගොස් තිබෙන අතර එහිදී 25 හැවිරිදි වියේ පසුවූ තම පුතා දියේ ගසාගෙන යනු දුටු 60 හැවිරිදි වියේ පසුවූ පියාද ජලයට පැන තිබෙනවා.
සැඩ පහරට හසුවී ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
අනතුරුව පැමිණි එරට ආරක්ෂක අංශ කිමිදුම් කණ්ඩායම් විසින් දියේ ගිලී මියගොස් සිටි පියපුතු දෙපළගේ සිරුරු ගොඩගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ සිරුරු එරට රෝහලක තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ අවසන් කටයුතු ද එරටදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

