ජූනි මාසය සඳහා අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ව තෝරාගෙන තිබේ.
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ඔහු දැක්වූ දස්කම් මේ සඳහා හේතුවී තිබේ.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්ගේ නම සහ සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස්ගේ නමද මේ සඳහා නිර්දේශ වී තිබූ අතර ඔවුන්ව අභිබවමින් වනිඳු මෙම සම්මානය දිනා ගෙන ඇත.

