Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිට අධිකරණ නියෝගයක්

3 years ago

රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

කම්කරු දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක පහ අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවට අදාළව වගඋත්තරකරු වශයෙන් නම් කර තිබුනේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාය.

රුපියල් තුන් ලක්ෂ හතලිස් එක්දහස් එකසිය විසි දෙකයි ශත පනහක සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර ඇතැයි වගඋත්තරකරුට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර ඇත. (source – aruna)