පෞද්ගලික බස් රථ සඳහා නව මාර්ග බලපත්‍ර 140 ක් ලබා දීමට පියවර ගන්නේ නම් දීපව්‍යාප්ත බස් වර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසීය.
කාලසටහන් නොමැතිව දැනට පවතින බස් රථවලින්ද දහසක් පමණ දෛනිකව ධාවනයෙන් ඉවත් වන බවයි ඔහු පවසන්නේ.
එසේ තිබියදී නව බලපත්‍ර ලබා දීමෙන් දැනට ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථ හිමියන් සඳහා බරපතල තර්ජනයක් එල්ල වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
දැනට ඇති බස්රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කරවීමෙන් මගීන්ට අපහසුතාවකින් තොර ප්‍රවාහන පහසුකමක් සැලසිය හැකි බවත් මෙලෙස නව මාර්ග බලපත්‍ර 140 ක් අලුතින් ලබාදීම පිටුපස රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක්ද පවතින බවත් පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ නාරාහේන්පිට දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

