Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයේ සියලුම වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර

3 years ago

ඉදිරි මාස දෙක තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එමෙන්ම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගයට එරෙහිව පවරා ඇති නඩුව සමතයකට එළඹීමෙන් පසු උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වන බවත්, ප්‍රතිඵල අනුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් බඳවාගත් පසු ගුරු හිඟය බොහෝ දුරට මගහැරී යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.