Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුපුහුණු ගුරුවරුන් නිසා ප්‍රාථමික අධ්‍යාපනය කඩා වැටී ඇති බවට අධ්‍යාපන ඇමතිගෙන් චෝදනාවක්

3 years ago

ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අංශයට යොමු කිරීම බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මකව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ අවසන් අදියර මේ වනවිට පසු කරමින් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් පද්ධතිය කෙරෙහි ම අවධානය යොමු කරමින් සිසුන්ගේ අයිතිවාසිකම් රැක දීම සඳහා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක් වෙමිනි.