Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණියගේ මරණය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! මරණයට හේතුව වැරැදි සිරින්ජරයක් භාවිත කිරීම ද?

3 years ago

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ලබාදුන් එන්නතකින් පසු මියගියා යැයි පැවසෙන 21 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ (12) රාත්‍රියේ ඇයගේ නිවසට රැගෙන එනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා අද විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතයි.

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 11 වැන දා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි චමෝදි සන්දිපනී මධුසිකා ජයරත්න ප්‍රතිකාර අතරතුර ජීවිතක්ෂයට පත්විය.

ඇගේ ඥාතීන් චෝදනා කළේ, එන්නත් ලබාදීමෙන් පසු ඇය මිය ගිය බවටයි.

සමස්ත ලංකා හෙද සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් මියගිය චමෝදිට ලබාදුන් එන්නත පිළිබඳව කරුණු පැහැදිළි කළේය.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී.මැදිවත්ත

”මේකෙ සඳහන් කරලා තියනව මිලි ලීටර් 10ක මේ ඖෂධය දිය කරලා තමා රෝගියට දෙන්න ඕනෙ කියලා. මේ මොහොතේ රටේ රෝහල් පද්ධතිය තුළ ඊට අවශ්‍ය මිලි ලීටර් 10 සිරින්ජර් නෑ. නමුත් මේ හෙද නිලධාරිනිය අදාළ ඖෂධය 5CC සිරින්ජර් දෙකක දියකරලා තමා මේ ඖෂධය ලබා දීලා තියෙන්නේ. ඒකෙං ඇති වුණු සංකූලතාවක් නිසා මේ මරණය වුණා කියන එක තමා අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ”
source – adaderana