Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති කෙහෙළියට තනතුර අහිමි වන ලකුණු

3 years ago

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි ද සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරනවා.

එමෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළකර තිබුණි.

මේ අතර පිළිකා රෝගීන් සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ශෛල්‍ය උපකරණ භාවිත කරන බවට මේ වනවිට තොරතුරු වාර්තාවී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.