Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන සම්බන්ධයෙන් විශේෂ තීරණයක්! ඉන්දියාවේ සිට ලංකාවට ඉන්ධන නළයක්!

3 years ago

ඉන්දියාවේ – නාගපට්ටිනම් සිට ලංකාවේ ත්‍රිකුණාමලයත් කොළඹ දක්වා දිවෙන තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදිකිරීම සඳහා ඉන්දියානු ඔයිල් සමාගම(IOC) සමාගම විසින් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ සඳහා ව්‍යාපෘති ශක්‍යතා, තාක්ෂණික තක්සේරු කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධ කටයුතු සිදු කෙරෙන බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊට අදාළ සාකච්ඡාවක් පසුගිය 12 වනදා පවත්වා ඇති අතර ඒ සදහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මෙරට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම වේගවත් කිරීම සහ ඉන්ධන හිඟය යළි ඇති වීම වැළැක්වීම මෙහි මූලික අරමුණයි.