Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩු සීනි බීම වර්ග හා කෑම වර්ග කන්නේ බොන්නේ බලාගෙනයි! ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්!

3 years ago

ඇස්පාටෙම් නම් කෘත්‍රිම රස කාරකය හේතුවෙන් පිළිකා කාරක සෛල මිනිස් සිරුර තුළ වර්ධනය වියහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (13) නිවේදනය කළේය.

අඩු සීනි පැණි බීම සහ අඩු සීනි ආහාර වර්ග නිෂ්පාදනය සඳහා මෙම කෘත්‍රිම රසකාරකය භාවිත කෙරෙයි.

මෙම රසකාරකය දශක ගණනාවක සිට ආහාර හා පැණි බීම නිෂ්පාදනය සඳහා භාවිතා කළ රසකාරකයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෘතිම රසකාරකයක් පිළිබඳව මෙවැනි නිවේදනයක් නිකුත් කළ අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම මතය තමන් විසින් පිළි නොගන්නා බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන ආයතනය පවසයි.