Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රතිකාර ගන්න රෝහලට ගිය සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයේ සේවකයෙකු සැක සහිත ලෙස මරුට

3 years ago

කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් උණ රෝගියෙකු මියයෑමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් ඊයේ (13) වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහයකවරයෙකි.

ඔහු සති දෙකකට පමණ පෙර උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් විෂබීජ ශරීරගත වී මරණය සිදු වී ඇති බවට සැක පළ කරයි.

පසුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කර යැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර ඇති නමුත් එහිදී ඔහු මියගොස් ඇත.

කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් ඔහුගේ මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.