Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීමත් රියදුරෙකුට බිලි වූ මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධාරියා

3 years ago

අධ්‍යයන කටයුත්තක් සඳහා කැනඩාවට ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොරටුව සරසවියෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය හිමිකර ගෙන ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ, මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාගැනීමට ගොස් සිටිය අදාළ තරුණයා පසුගිය ජූනි 22 වනදා අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි එම්.එච්. විනෝජ් යසංග ජයසුන්දර නැමති තරුණයෙක්.

අධ්‍යයන කටයුත්තක් සඳහා කැනඩාවට ගොස් සිටිය දී වෑන්කුවර් නගරයේ දී බීමත් රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් එම තරුණයාට දිවි අහිමිව තිබෙනවා.

විනෝජ් අනතුරට මුහුණ පා ඇත්තේ අමෙරිකාවේ මේරිලෑන්ඩ් සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී වන අතර ඔහු මියයන විට කැලිෆෝනියාවේ ඇපල් සමාගමේ ද සේවය කරමින් සිට තිබෙන බවට වාර්තා වෙනවා.

ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් භාරදීම සඳහා කැනඩාවේ වෑන්කුවර් නගරයට ගොස් යළි නවාතැන් පොළට එන අතරතුර විදුලි සංඥා පුවරුවක් අසල මෝටර් රථය නවතා තිබිය දී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් විනෝජ්ගේ මෝටර් රථය පිටුපසින් හප්පා ඇති බවට සඳහන්.

කෙසේවෙතත් විනෝජ් මියගොස් දින 19කට පසුව දේහය මත්තේගොඩ, නඳුන් උයනේ පිහිටි නිවසට පසුගිය 11 වනදා ගෙනවිත් තිබු අතර, ගාල්ල, බටපොළ මානන්ගොඩ පවුලේ සුසාන භූමියේ දී සිදුකෙරුණි.