Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණියකට මත්ද්‍රව්‍ය පානය කිරීමට දී ලිංගික හිංසන කළ පුද්ගලයෙක් සොයා විමර්ශන

3 years ago

පෙම්වතෙකු විසින් තම පෙම්වතියට අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කිරීමට ලබා දුන් පුවතක් වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තරුණියගේ මව හා ඥාතීන් විසින් මේ පිළිබඳ වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එහිදී තරුණිය සඳහන් කර ඇත්තේ තමාව විවිධ ස්ථානවලට රැගෙන ගොස් හෙරොයින් පානය කිරීමට ලබා දී පසුව ලිංගික හිංසන සිදු කළ බවයි.

අදාළ තරුණයා දැඩි ලෙස මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවද සඳහන්.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කර සිටියේ තරුණිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇය මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී ඇද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි.

අදාළ තරුණයා වයස අවුරුදු 22ක් වන පුද්ගලයෙක් වන අතර සිදුවීමට මුහුණ දුන් තරුණිය 20 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව සොයා විමර්ශන සිදු කරන බවද පොලිසිය සඳහන් කළා.