නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් පදිංචි කරවීම සඳහා ඉදිකෙරෙන නිවාස සංකීර්ණ 6 ට අදාළව නිවාස ඒකක 4074ක ජනතාව කඩිනමින් පදිංචි කරවන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
මෙය කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියට අදාළව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
කොළඹගේ මාවත, ස්ටේඩියම්ගම, ඇපල්වත්ත, ෆර්ගසන් පාර, ඔබේසේකරපුර, මාදම්පිටිය යන ප්‍රදේශවල මෙම නිවාස සංකීර්ණ ක්‍රියාත්මක කරන අතර මේ සඳහා ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව මූල්‍ය අනුග්‍රහය ලබා දෙනවා.
මෙසේ ඉදිකරන නිවසක් වර්ග අඩි 550න් යුතු වන අතර ඒ සඳහා නීත්‍යානුකූල ඔප්පුවක්, ගාස්තු ගෙවීමකින් තොරව ජල- විදුලි පහසුකම්, මූල්‍ය හා වෙනත් ආධාර දීමනා යනාදිය ප්රතිලාභ වශයෙන් ලැබෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම මහල් නිවස හිමියන්ට ජීවනෝපාය වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කර ව්‍යාපෘතියේ අසාර්ථක වූ තැන් හඳුනාගන්නා ලෙසත්, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට මහල් නිවාසවල පදිංචි තරුණ තරුණියන් සම්බන්ධකර ගනිමින් මත්ද්‍රව්‍ය විරෝධී බලකායක් ගොඩ නඟන ලෙසද අමාත්‍යවරයා සඳහන් කළා.

