Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුන් මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව වාර්තාවක් දෙන්න! ආසියානු සංවර්ධන බැංකුවෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුවට නියෝගයක්!

3 years ago

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 4ක කාලයක් මසකට රුපියල් 2,500 බැගින් ගර්භණී මවුවරුන්ට ලබා දුන් ගෙවීම් තහවුරු කර එවන ලෙසට ආසියානු සංවර්ධන බැංකුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම වැඩසටහන යටතේ අයැදුම්කරුවෙකුට මාස 4 සඳහා රුපියල් 10,000 බැගින් ලබාදී තිබෙන අතර දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් එක් බැංකුවක මුදල් ගෙවූ නාමලේඛනයක් ලබාදෙන ලෙසට ආසියානු සංවර්ධන බැංකුව දන්වා තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සමෘද්ධි බැංකුව ගර්භණී මවුවරුන්ට ගෙවීම් සිදු කළ තොරතුරු ඇතුළත් වාර්තාව මේ මස 14 දිනට පෙර ලබා දෙන ලෙසට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි මහතා සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි අධ්‍යක්ෂවරුන්, සමෘද්ධි සහනාධාර විෂය භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි.