පාසල් සිසුවියකගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලදැයි කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසල්වල සිසුන් 06 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පසුගිය 13 වනදා ඉදිරිපත් කර තිබිණි.
තම දියණියගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධියේ පළමු සැකකරු පැමිණිලිකරුගේ දියණිය සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇති බවත් එහි දී දෙදෙනාගේ හැසිරීමේ දී සිසුවියගේ කැමැත්තෙන් ලබා ගත් නිරුවත් වීඩියෝ දර්ශන සැකකරුගේ ඇපල් ජංගම දුරකතනයේ ගබඩා කර තිබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියේ 06 වැනි සැකකාර සිසුවාගේ වරකාපොළ ප්‍රදේශයේ පිහිටි නිවසේ දී උපන් දින සාදයක් පවත්වා ඇතැයි දන්වා සිටි පොලිසිය එහිදී එම සිසුන් මත්පැන් ද පානය කර ඇතැයි දන්වා සිටියේය.
එම අවස්ථාව වන විට පළමු වන සැකකාර සිසුවා සිය පෙම්වතිය සමග අමනාපයෙන් සිට ඇති අතර ඒ අනුව සිසුවියගේ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ සිය මිතුරන් අතරේ බෙදාහැර ගෙන තිබේ.
අනතුරුව සැකකාර සිසුන් අදාළ නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් සිසුන් කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් බවද දන්වා සිටියේය. මෙම සිසුන් සියලු දෙනා සමාජයේ කැපී පෙනෙන පවුල්වල දරුවන් බවට හෙළි වී ඇත.
අදාළ සැකකාර සිසුන් 06 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය.
